Tuesday, July 24, 2018

හැන්ඩි අයියට දුන්නු මගේ නම්බරේ..



අයියලා දෙන්නෙක් ඉන්න ගෙදර බාල නංගි ගැන කවර කතා ද? ලියන්න ලව් ස්ටෝරි නෑ බූට් තියන්න එකෙක් ආසාවට මාට්ටු වුණේ නෑ.. ඇයි ඇයි ඔයාලා හිනා වෙන්නේ?
අවුරුද්ද දෙකක් නම් කමක් නෑ.. අවුරුදු 10/12 ක් වැඩිමල් උසට උසේ හැන්ඩි අයියලා දෙන්නෙක් ගේ නංගියෙක්ව හොරෙන්වත් බලන් නෑ කවුරුත්!
අයියලාගේ දැඩිම දැඩි නීතිය ස්කෝලේ ගිහින් ඉවර වෙනකල් #ෆෝන්_තහනම්!😭😭😭
ඕනම නම් අම්මගේ ෆෝන් එක තමා ඉතින්!

හැබැයි මේ සිද්ධිය වුණේ නමය වසරේ ඉන්නකොට.. එතෝට නම් අපේ පන්තියේ ගෑල්ලමයින්ට පිරිමි ළමයෙක් දෙන්නෙක් ඒම උන්නා.. මට තමා නැත්තේ 😞 මටත් හිටිය බොක්කෙන්ම යාලු කොල්ලො සෙට් එකක්.. දුම්මල ගැහුවත් උන් තාම යන් නැති එකයි ප්‍රශ්ණේ..
ඔන්න කතාව හොඳේ, අපි ගෙදර කට්ටියත් එක්ක ගියා නුවරෙළි ට්‍රිප් එකක්.. අනේ ඉතින් අම්මලා එක්ක ඉන්නකොට අපි නමය වසරේ වුණාට මොකො පහේ ළමයි ලෙවෙල් එකට දාලයි තිබ්බේ මාව..
ගිය තැන අම්ම මට අරන් දුන්නේ මොනාද දන්නව ද???? අර බොත්තම් එබුවාම ලලයි ලිලයි ගාණ පාට පාට ප්ලාස්ටික් ෆෝන් කෑලි තියෙන්නේ 20ට 50ට අන්න ඒකක්.. 😈😈

ඉතින් මාත් මගේ ඒ ස්මාර්ට් පොන් එක කනේ ගහන් සිරි නරඹමින් එනකොට අනේ මට අයියලා දෙන්නෙක් ඉන්න වගේ වගක් නොදන්න පිට ගම්කාර හැන්ඩි අයියෙක් පස්සෙන් එන්න ගත්‍තා.. හෆ්ෆා ගැම්ම ඉතින්.. ඔන්න දැන් අර හැන්ඩි අයියට ඕනි වුණා මගේ අතේ තිය ෆෝන් එකේ නම්බරේ 😂😂
දැන් මූ හස්ත මුද්‍රාවෙන් නම්බරේම ඉල්ලනවා.. දීහන් කො නම්බරේ දැන් ඉතින්..
ඔන්න මම දතුත් විරිත්තලා වෑන් එකටත් නැග්ගට මොකෝ ඌට ගුලියක් අඹරපාන් කියලමයි හිත කිව්වේ.. 😉
අර යකා යන්නෙත් නෑ පස්සෙන් කැරකෙනවා.. ඇස් බෝල යැව්ව හතර වටේ අන්න දැක්ක බෝඩ් එකක් නුවරෙළියේ ඉඩමක් විකුණන්න තියනෝලු කියලා.. ඒ නම්බරේ බලාන මේ හැන්ඩි අයියට අතේ ඇඟිලි 10 ඒම මේම කරක කරක නම්බරයකුත් දුන්නා.. අපිත් වෑන් එක පිටත් වෙලා ආවා..
මං දැන් මේ කල්පනා කලේ ඒ අයියා ඒ ඉඩම ගත්තාද ? නැද්ද ? කියලා 😂😂

මඟක් දුර ගිහින් වෑන් එක ඇතුලෙදී ඕක කට්ටියට කියන්න ගිහින් වුණේ මගේ අර ප්ලාස්ටික් ස්මාර්ට් ෆෝන් එකත් මට නැති වෙච්ච එක..!
ගෙදර යන ටිකට මේකි කී දෙනෙක් ට ගිණි ගෙඩි දෙයිද දන් නෑ කියලා ඒ ෆෝන් එක උදුරා ගත්තා අපේ ගෙදර ප්‍රජාව..!

සැ:යු: මේ නුවරෙළි ගමනට එදා අයියලා දෙන්නා ආවේ නෑ ලු ඈ.. ආවනම් එකෙක් පස්සෙන් එනකල් අයියලා බලා ඉඳී යැ !

මල් ගාණ කීයද?




කෝ කෝ එන්න බලන්න ගණන්කාරයෝ ටික පෝළිමට..
පොඩි ගාණක් දෙන්නයි යන්නේ..

ඔන්න පන්සලක බුදු මැදුරු තුනක් තියනවා. මේ බුදු මැදුරු තුනටම පොකුණ ගානේ හදලා තියෙනවා. මේ පොකුණු තුනේ විශේෂත්වය තමා මේ පොකුණු වලින් නෙළුම් මල් වලට පැන් ඉස්සම මල් ගාණ දෙගුණයක් වෙනවා.

මේ බුදු මැදුරු තුනටම මල් පූජා කරන්න පොඩි කොන්දේසි කීපයකුත් තියනවා..

01. අනිවාර්‍යෙන්ම අදාල බුදු මැදුර ඉස්සරහා තියන පොකුණෙන් මල් වලට පැන් ඉහිලා තමයි ඒ නෙළුම් මල් පූජා කරන්න ඕනි..!

02. බුදු මැදුරු තුනටම මල් එක සමානව පූජා කරන්නත් ඕනි..!

03. හැබැයි ගේන මල් සමානව පූජා කලාම ආයේ ඉතුරු වෙන්නත් බෑ..!

04. මුලින් ගේන මල් ටිකෙන් තමා බුදු මැදුරු තුනටම පූජ කරන්න ඕනි.. ආයේ මගදි ගිහින් මල් ගේන්නත් බෑ..

එහෙනම් දැන් කියන්නකො බලන්න මල් කීයක් ගෙනත් කීය ගාණේ ද පූජා කරන්න ඕනි කියලා.. ??? ඉතුරු වෙන්නත් බෑ..

උත්තරේ ලැබෙන ප්‍රතිචාර අනුව බලමුකො ඈ..

මට ලයිසන් තියනවා සර්ර්ර්ර්ර්ර්..





මං උසස් පෙළ කරන්න පටන් ගන්නවත් එක්කම වගේ ලොකු අයියා රට යන්න සූදානම් වෙවී හිටියේ. ඒ දවස් වල අලුත්ම බයික් පැසන් එක මදුරුවා.. ඉතින් නිකං ලොකු ලොකු ස්කූටි ඉල්ලලා පච වෙන්න ඕන නැති නිසා 'අයියේ මදුරුවේ..ක්..' 'අනේ.. යන්න කලින් මදුරුවේක් අරන් දෙන්නකෝ..' කියලා පොඩි කංකරච්චලයක් දීගෙන හිටියේ.. බෑ බෑමයි කිව්ව කෙනා යකූ යන්න සති දෙහෙකට කලින් ගෙනත් නැවැත්තුවනේ බොලේ ස්කූටියක්!
හෑ ප්ලෙශර් එකක්! සතුට ඩබල් ට්‍රිබල්!

මොකක්ද බොලේ ඒකේ පාට.. ගමටම එකමයි.. 😭😭 ඒකේ පොටෝවක් තමා ඔය රත්‍රන් පාටට දිස්නේ දෙන්නේ.. 😞
හදිසියට හොර ගමනක් වත් යන්න නෙමෙයි ඉතින් ඕං ඕකේ..
අයියා ඕම්මමයි.. ඒත් කමක් නෑ ඒම හරි බයික් එකක් හම්බුනානේ.. අයියා අම්ම ළඟ කිව්වේ නම් නංගිට ලයිසන් අරන් දෙන්න ලබන අවුරුද්දෙ 18 සම්පූර්ණ වුණාම අක්කට දැන්ම ගමු කියලා. හැබැයි ඔය ක්ලාස් එහෙම අතුරු පාරකින් හරි ගිහින් ආවදෙන් ඕකි බස් වල ගියාම රණ්ඬු වෙනවා කියලා. ඔව් ඔව්.. ඒක ඇත්ත අනුන්ගේ කුණුමයි කරේ දාගෙන එන්නේ..😂

කෝමින් කෝම හරි අයියත් රට ගියා මාත් ස්කූටියේ පන්ති ආවා ගියා.. අවුරුදු තුනකුත් වුණා අයියා ලංකාවටත් ආවා උසස්පෙළත් ඉවර වුණා අම්මා ලයිසන් ගන්න දුන්නේම නෑ..  😈
හැබැයි ඔන්න ඔය වෙනකල් මං ට්‍රැෆික් මාතුරුන්ට අහුවෙලාම නෑ.. ඔය බයික් එකේ පොත කියන එක කොහෙද තියෙන්නේ කියලා දන්නෙත් නෑ..
ඔන්න හා හා පුරා කියලා 20 හෝ 21 මට ලබපු උපන්දිනේ උදාවුණා.. ඔව් ඔව් එතකනුත් බයික් එකට ලයිසන් නෑ තමා..
ඔන්න අම්මා මහලා දුන්නු අලුත් සල්වාරියකුත් ඇඳගෙන නිකං ෆුල් ආතල් එකේ එළියට බැස්සේ computer class යන්නයි කියලා.. ඔන්න මං යද්දි ඉන්නෝ පොලෝසියේ අංකල් කෙනෙක්.. හරියටම ක්ලාස් එක ඉස්සරහා.. ක්ලාස් කලින් තියෙන්නේ අතුරු පාරක්.. මම සිග්නල් දැම්මා ක්ල්ස එකට ඉස්සර නතර ගන්න.. අන්න අරයා හිතුවේ මට ලයිසන් නැති නිසා මේ මං එයාට බයේ අර අතුරු පාරට දාන්න යනවා කියලා.. 😭 නෑ මං එහෙම හිතුවේ නෑ.. ඒත් එයා එහෙමනේ හිතුවේ! 😭

අර පාර ළඟට දුවන් ඇවිත් මාව නතර කලා.. මදෑ.. මං දැන් බයික් එකෙන් බැහැල ඇවිත් හිටගෙන ඒ ලස්සන මූණ දිහා බලා ඉන්නවා..

'කෝ ලයිසන්ස්'

මාත් දත් විරිත්තලා.. 'අනේ සර් ක්ලාස් එකට එන්න පරක්කු වුණා ආව හදිසියට පර්ස්නෙක දාලා ඇවිත්'

'මේ.. ඔය ළමයට ලයිසන් නෑ.. ඒක නේ'

'නෑ නෑ සර්.. ලයිසන් තියනවා.. මං දැන් ගිහින් ගේන ද? මේ ගෙවල් ළඟ'

'අහ් හා.. කෝ දැන් බයික් එකේ පොත?'

හුටා.. ඒ කියන්නේ මොකක්ද? පොතක් මං දැකලා නෑ නේ..
'මේ.. කල්පනා කරන්නේ මොකො.. ඔය බක්කිය ඇරලා බලන්න ඒකේ ඇති'

ඔන්න දුවලා ගිහින් බැලුවා.. පිස්සු මේ යකාට පොතක් නෑ කොලයක් තියෙන්නේ..😞
ඔන්න ඇවිත් ඒක ඉල්ලගෙන මේ මනුස්සය කිව්වනේ..
'ලයිසන් තියනවනේ..? එහෙනම් පන්ති ඉවර වෙලා ගෙදර ගිහින් ලයිසන් එක අරගෙන පොලිසියට ඇවිත් මට පෙන්නලා මේක අරන් යන්න. නැත්තම් දඩේ ගෙවලා මේක අරගෙන යන්න'

උපන්දිනේ උදේ පාන්දර තෑග්ග මරු නේ..!

'මොකො ළමයෝ ලයිසන් නෑ නේ..?' කින්ඩි හිනාවකුත් එක්ක ආයෙම ඇහුවනේ..

අනේ මට පුළුවන් ද සෙකන්ඩ් වෙන්න ඔහොමත්?
'අනේ ලයිසන් එක තියනවා සර්..'

'හා එහෙනම් නම කියන්නකො'

ඔයාලා හිතුවනේ මං ගත් කටටම සෆා කියලා කිව්වයි කියලා.. නෑ.. එවෙල්වෙ මං එහෙම්ම අපේ අක්කගේ වුණා.. මගේ නම වෙනුවට අක්කගේ නම විස්තර දීලා නිකං චූන් එකේ පන්තියට ගියේ..
අයියට කිව්ව 'අන්න පුතේ බයික් එකේ පොත අරන් ගියා පොලෝසියට.. අක්කගේ ලයිසන් එක අරන් ගිහින් පෙන්නලා පොත අරන් වරෙන් අයියේ කියලා' 😂😂

(ඒ කාලේ පොත ගැන ආදයම් බලපත්‍රය ගැන වැඩි දැනුමක් නැති කාලේ නොවැ.. ඉතින් ඔය ආදායම් බලපත්‍රය තමයි පොත කියලා ඔලුවේ රෙකෝඩ් වුණේ.. ඉතින් ඒ මතකය වෙනසක් නොකරම අකුරු කලා හොඳේ.. 😂😜😉 - Naleen අයියේ.. මේ ඔබේ අවධානය පිණිස.. 😂😂😂)

ඇල්ලුවේ නංගිව.. ලයිසන් එක්ක අක්කගේ.. පොලිසියේ පැයක දේශණයකට මාට්ටු වුණේ අතිජාත අයියා.. 😂😂😂
කෝමද ටිකිරි මොළේ..?

හැබැයි ඔයින් පස්සේ ආයෙමත් අවුරුදු ගාණකට පස්සේ මගේම බයික් එකේ යනෝටත් ට්‍රැෆික් එකේ අයියෙක් නැවැත්තුවානේ..! ඒතෝට නම් මට ලයිසන්ස් නම් තිබ්බා.. ඒ කතාව ඊළඟ කොටසින් ඈ 😂😂 එතකල් රැඳී සිටින්න..
හැබැයි පරණ සීන් වලට දැන් හොයාගෙන ඇවිත් දඩ ගහන්න නම් බෑ ඕං.. 😞 ඒවා ඔට්ටු නෑ.. නෑ මයි..
-සෆා-
හාකො හාකො.. මගෝඩි සෆා.. හරි නේ.. සතුටු ද දැන්?