Tuesday, July 24, 2018

මල් ගාණ කීයද?




කෝ කෝ එන්න බලන්න ගණන්කාරයෝ ටික පෝළිමට..
පොඩි ගාණක් දෙන්නයි යන්නේ..

ඔන්න පන්සලක බුදු මැදුරු තුනක් තියනවා. මේ බුදු මැදුරු තුනටම පොකුණ ගානේ හදලා තියෙනවා. මේ පොකුණු තුනේ විශේෂත්වය තමා මේ පොකුණු වලින් නෙළුම් මල් වලට පැන් ඉස්සම මල් ගාණ දෙගුණයක් වෙනවා.

මේ බුදු මැදුරු තුනටම මල් පූජා කරන්න පොඩි කොන්දේසි කීපයකුත් තියනවා..

01. අනිවාර්‍යෙන්ම අදාල බුදු මැදුර ඉස්සරහා තියන පොකුණෙන් මල් වලට පැන් ඉහිලා තමයි ඒ නෙළුම් මල් පූජා කරන්න ඕනි..!

02. බුදු මැදුරු තුනටම මල් එක සමානව පූජා කරන්නත් ඕනි..!

03. හැබැයි ගේන මල් සමානව පූජා කලාම ආයේ ඉතුරු වෙන්නත් බෑ..!

04. මුලින් ගේන මල් ටිකෙන් තමා බුදු මැදුරු තුනටම පූජ කරන්න ඕනි.. ආයේ මගදි ගිහින් මල් ගේන්නත් බෑ..

එහෙනම් දැන් කියන්නකො බලන්න මල් කීයක් ගෙනත් කීය ගාණේ ද පූජා කරන්න ඕනි කියලා.. ??? ඉතුරු වෙන්නත් බෑ..

උත්තරේ ලැබෙන ප්‍රතිචාර අනුව බලමුකො ඈ..

1 comment:

  1. ගෙන ආයුතු මල් ගණන - 7
    පුජා කලයුතු මල් ගණන - 8

    ReplyDelete