Wednesday, July 25, 2018

මංගල කිංකිණියේ ෆෝන් නම්බරේ

ඔන්න ඉතින් දැන් කමෙන්ට් දැක්කත් කූජිත සීන් එහෙම මතක් වෙනවා ටකස් ගාලා..
මට ඉන්නවා මලයෙක්! පුංචම්මගේ පුතා.. ඌත් හොඳ අන්ඩපාල ඇම්ඩෙක් හොඳේ..😂

ඔන්න ඉතින් හා හා පුරා කියලා මුගේ වදේ ඉවසන්න බැරිව අවුරුදු 14 , 15 වෙනකොටම මූට හම්බුනා ෆෝන් එකක්.. වසලා හමාරයි අම්මේ ලොකු කම! ඕකට රින්ග්ස් ගිහින් කෝල් එකක් ආවාම මූ ඉන්නේ අඩි දෙක තුනක් උඩ..

දෙයියෝ දෙනවා කියන්නේ ඕන ඕකටයි කියලා මේකාට වුණා හොඳ වැඩක්..
එලිවුණත් හරි ආවා කෝල් එකායී... දෙකායී.... තුනායී.. දවල් වෙනකොට විස්සායී.. හවස් වෙනකොට තිහායී... ඇම්ම යනකල් ආන්සර් දැන් කරපි! 😂😂
ඇස් වලින් කදුළු බේරන්න ඕන මෙන්න..
ගෙදර අම්මලා පුතාලා මුලු මුලු වල.. රින්ග් වෙන ෆෝන් එක ආන්සර් කරන්න එකෙක් නෑ.. ෆෝන් එක මේසේ තියලා කට්ටියම ඒ දිහා බලා ඉන්නවා.. ඔන්න අඬන ෆෝන් එක බලා ඉන්න බැරි තැන මං ආන්සර් කලා..

😂😂😂😂😂
'අපේ දුවට නම් වයස මෙච්චරයි.. දේපොල ඒමත් ඒම මේම තියෙනෝ.. සුළු වරදක් වත් තාම වෙලා නෑ.. මනමාල මහත්තය කෝමද?'

'හෑ... මොන මනමාලයෙක් ද!'

'ඇයි මංගල කිංකිණියේ තිබ්බේ මේ නම්බරේ නේ..'

ජයග්‍රාහී අවසාන එක නම්බරයක් වැරදිලා ප්‍රින්ට් එකේ දී.. 😂😂

අන්තිමට ආව කෝල් එක ආන්සර් කරලා මලයා  කිව්වේ..
'මට ඕන මඟුලක් නෑ.. මම තාම ළමයෙක්! පොඩි ළමයෙක්!' අන්න එදා තමයි ඌට මතක් වුණේ ඌ තාම පොඩි ළමයෙක් කියලා 😂😂😂

හැබැයි එදා ආව කොල් වලින් එකක් හරි ඉවසීමෙන් කතා කලා නම් අද මේකා දරු පවුල් කාරයෙක්..😂😂😂
-සෆා- ඔව් ඔව්.. මගෝඩි සෆා..

Tuesday, July 24, 2018

ෆීනික්ස්




'ඩොක්ට අභී. emargency.. තියේටර් එක රෙඩි කරන්න වෙයි..! තව විනාඩි 10න් ඇම්බියුලන්ස් එක එයි!'

කන්න කටට ගත්තු කෑම එක ආපහු එහම්ම ඔතලා කලබලේට මං නැගිටලා අත සෝදන්න ගියාට මගේ ඇඟට හරිම තෙහෙට්ටුවක් තිබුනේ.
අද වාට්ටුවේ ලෙඩ්ඩු වැඩියි. වෝඩ් රවුන්ඩ් යන අතරේ තව දෙන්නෙකුට අමාරු වුණා. පොඩි කාලේ ඉඳලම මගේ හීනට වුණේ වෛද්‍යවරියක් වෙන එක! ඉතින් මේ මම ආසම වෘත්තිය.. කොහොමද තෙහෙට්ටුයි කියලා පාඩුවේ ඉන්නේ.. මං අත සෝදගෙන තියේටර් එක දිව්වා.. මාත් එක්කම හරි හරියට දුවගෙන ආවේ නර්ස් පුබුදුනී..

'පුබුදු මිස්.. මොකක්ද කේස් එක? සුයිසයිඩ් ඇටෙම්ප්ට් ද?'

අඩිය ඉක්මණ කරන ගමන් මන් මිස්ගෙන් ඇහුවා..

'නෑ ඩොක්ට.. ට්‍රාන්ස්ෆර් එකක්.. අවුරුදු 23ක 24 ක ගර්ල් කෙනෙක් ලු.. රේප් එකක් ලු'

වේගයෙන් අඩියෙන් අඩිය තිබ්බ මාව එකපාරට නතර වුණා.

'පාටි එහෙක දි පිරිමි ළමයි කීපදෙනෙක් රේප් කරලා ලු'
පුබුදු කතා කරපු වේගයට කියන ගමන් ඇවිදගෙන ගිහින් නැවතිලා මා දිහා බැලුවා..

'ඩොක්ට..'

'පුබුදු මිස් ඉස්සර වෙන්න. මං එනවා'

මගේ කට හඬේ වෙව්ලන ගතිය මිස්ට දැනෙන්න ඇති! මිස් ඔව් කියන්න ඔලුව වනලා එතනින් ගියා. 'රේප් කරලාලු' ඒ වචනේ මගේ කණ් වලට රැව් දෙන්න ගත්තා.. ඒ අඳුරු අතීතයට මං යන්න හදනකොටම ඩොක්ටර්ලා දෙන්නෙක් නර්සලා තුන්දෙනෙක් එක්ක අටෙන්ඩන්ට්ලා දෙන්නෙක් ට්‍රොලියක් තල්කු කරන් වේගයන් එනවා දැක්කා. මම හුඟක් කලබල වුණා තියේටර් එකට යන්නද? ට්‍රොලිය ලගට යන්නද?
මම ලොකූ හුස්මක් අරගෙන ට්‍රොලිය එන පැත්තට දිව්වා ගිහින් මිස් කෙනෙක්ගේ අතේ තිබුණ මෙඩිකල් හිස්ට්‍රිය ඉල්ලගෙන එයාලත් එක්කම යන වේගයට ඒක බැලුවා..
'අනේ එපා.. අතාරින්කෝ..'
හරිම බැගෑපත්ව අසිහියෙන් කෙඳිරි ගාණකොට මම එයාගේ ඔළුව අතගෑවා. මගෙ ඇස් වලින් කඳුළු බිඳු දෙකක් රූටලා ගිහින් වැටුනේ ඒ ගෑණු ළමයගේ කම්මුලේ..

'වෛද්‍යවරුයි පොලීසියයි හැඟීම් වලට යටත් වුණොත් මේ වැඩේ කරන්න අමාරුයි ඩොක්ට අභී !!'

එහෙම කියලා මගේ උරහිසට අත තිබ්බේ සහකාර පොලිස්පති සංජය..
මම හැරිලා බලනකොට පුංචි මවා ගත්තු හිනාවකින් මාව බලල හිනා වුණා. ඒ වනකොට තියේටර් එකේ දොර ළඟටම අපි ඇවිත් ! මට ඇතුළට යන්නයි ඔහු ඇස් දෙකෙන් මට සන් කලා.

ඇයට ප්‍රතිකාර අවසන් කරලා එළියට එනකොටත් සංජය තියේටරය ළඟ රැඳිලා හිටියා.

'කේස් එක ෆයිල් කරල ද?'

'ඔව්, ඒත් ඒඅයගෙන් කට උත්තරයක් ගන්න කල් මොකුත් කරන්න බෑ'

'හ්ම්ම්.. එයා කෝමා ස්ටේජ්!'

'මොකක්?'

සංජය තොප්පිය අතට ගන්න ගමන් ඇහුවා.

'තිබ්බ එකම තුරුම්පුව ඒ ගර්ල්.. චැහ් දැන්.ඉතින් සිහිය එනකල් බලා ඉන්න එපැයි!'

'ඩෝන්ට් වොරි සංජය.. තියේටර් එකේදී එයා මා එක්ක කතා කලා. එයා කිව්ව හැමදේම මම ෆෝන් එකෙන් වීඩියෝ කරගත්තා. හවස ගෙදර එන්න ඒක දෙන්නම්. දැන් මං ටිකක් බිසී'

'ඔහ්... තැන්ක්‍යූ...'

මම ආයෙමත් වෝඩ් එක පැත්තට යන්න ගියා.. කෑම එක කන්නත් ප්‍රියක් නැ!
**********

මගේ චූටි දෝනි ආදිත්‍යා..

අදිත්‍යා සාලයේ ඉඳගෙන ලොකු වැඩක්! එයාගේ බෝනික්කි එක්ක සෙල්ලම! හැබැයි මට නම් තාම මගේ හිත එකලාසයක් කරගන්න බෑ.. අර ගෑණු ලමයව මැවි මැවී පේනවා. දොරට කෙලින් තියන පුටුවේ වාඩි වෙලා කකුල දෙකත් නවාගෙන දණහිසට මූණ තියාන මං දොර දිහා බලා හිටියේ ආදිත්‍යාගේ තාත්ති එනකල්.

'...ඩිං ඩොං...'

'මමයි දොර අරින්නේ'
ආදිත්‍යා දුවගෙන ගිහින් දොර ඇරියා.
දොර ළග හිටියේ පොලිස් නිළ ඇඳුමින් සැරසුන සංජය.
එයා දුවගේ කණට කරලා රහසක් කිව්වා අදිත්‍ය ඒකට අවනත වෙලා උඩ තට්ටුවට දුවලා ගියා.

සංජය මගේ ඇස් දිහා එක එල්ලේම බලාගෙන මම ළඟට අඩියෙන් අඩිය එන්න ගත්තා!

'ඒ ගෑණු ළමය ඉන්නේ සීරියස් කන්ඩිශන් එකේ. 40% යි ජීවිතේ ගැන විශ්වාස කරන්න පුළුවන්.'

'හ්ම්ම්ම්ම්' සංජය අතේ තිබුණ ෆෝන් එකත් තොප්පියත් පුටුවට විසි කරන ගමන් මං ළඟටම ආවා.

'තුන්දෙනෙක් එකතුවෙලා රේප් කරලා තියෙන්නේ. පව් ! හුඟක් වද දීලා!'

'හ්ම්ම්ම්ම්' සංජයගේ මගේ කිට්ටුවටම ආවා. කතා කරන්න වචන නැතිම තැන මම කෙලපිඬක් ගිලගත්තා!

සංජය මගේ ඉණ වටේ අත යවලා මාව ළඟට ඇඳලා ගත්තා කොට සංජයගේ උරහිස මතට ගිය මගේ වම් අතේ මංගල මුද්ද වෙනදාට වඩා දිලිසුනා.

මගේ දෙතොල් වලට සංජයගේ දෙතොල් ළං වෙනකොට මම හිමින් සීරුවේ ඇස් පියා ගත්තා.

'තාත්ති !!!'

ආදිත්‍යාගේ කටහඬ ඇහුන මම සංජයගේ පපුවට අත තියලා තල්ලු කරා!

ආදිත්‍යා සංජය ළඟට දුවගෙන ඇවිත් අතකින් අල්ලගෙන,
'තාත්ති ඔයා නම් වෙරි බෑඩ් බෝයි කෙනෙක් වෙලා..! ඩිනර් අවුට් යං රෙඩි වෙන්න කියලා අම්මිත් එක්ක ඔයා රොමෑන්ස්'

'අහ් හා.. එහෙනම් දෙන්න රහස් කතා කලේ ඩිනර් අවුට් යන්න?'

'ඔව් අභී.. මං දන්නවා ඔයා අද කොහොමත් මූඩ් අවුට් කියලා. දවල් කෑවෙත් නෑ කියලා පුබුදු මිස් කිව්වා. ඒකයි ඩිනර් එකක් ප්ලෑන් කලේ.. යමු ද වස්තු?'

මම සුපුරුදු හිනා වෙන්ම ඒකට එකඟ වුණා. මටත් වෙනසක් ඕන වෙලා තිබුනේ හිත සැහැල්ලු කර ගන්න.

මම සංජයයි දුවයි තුන්දෙනාම යන්න පිටත් වුණා. හිතට නිදහසක් හොයලා යන ගමන් හැමදාමත් අපි ගියේ බයික් එකේ! දැන් දුව ලොකු නිසා තව ටික දවසකින් ඒක බැරිවේවි!

ඩිනර් එක අරන් ගෙදර ඇවිත් නිදාගන්න අදිත්‍යාව ඇඳට යවලා අපිත් ඇඳට ගියා. මට නම් නින්දක් අහලකවත් තිබුන් නෑ.

'සංජය'

'ම්ම්ම්ම්'

'නිදි ද?'

'න්න්නෑ'

'පරණ දේවල් ආයෙමත් මතකය එනවා රත්තරනේ'
මං එහෙම කියනකොට මාව පෙරළගෙන මගේ ඇස් වලට එබිකම් කල සංජය මගෙන් ඇහුවේ,

'විකාර ද වස්තු? මා එක්ක ඔයා සතුටින් නැද්ද?'

අත් දෙකින්ම සංජයගේ මූණ අල්ලා නළලට හාද්දක් දෙන ගමන් මම කිව්වේ 'මගේ ජීවිතේ ලස්සන කලේ ඔයා' කියලා.

මගේ තුරුළේ සංජය නිදා ගත්තට මගේ හිත තවම සැරිසරන්නේ මගේ අතීතයේ! ඒ නපුරු අන්ධකාරයේ!

*********************

උදේම මම හොපිට්ල් එකට ගියේ ICU එකේ ඉන්න ඒ ළමයගේ තත්වය දැන ගන්න. ඒ ඇඳේ හිස්ව තියනවා දැක්පු මම මිස් කෙනෙක්ගෙන් ඇහුවා.

'මිසී 12 icu bed එකේ හිටිය පේශන්ට් කෝ?'

'ඩොක්ට අභී එයා පාන්දර නැති වුණා.'

ඒක අහපු මාව.මොහොතකට ගල් ගැහුනා. නමුත් ඒ අපි බලාපොරොත්තු වුණ දෙයක්.

ලොකූ හුස්මක් ගත්තු මම සංජයට ඒ ගැන පණිවිඩය දීලා මම වෝඩ් රවුන්ඩ්ස් වලට පිටත් වුණා.
හොස්පිට්ල් ගාර්ඩන් එකේ ලස්සන රෝස පාත්තියක් තියනවා. හිත හරිනැති වෙලාවට මම එතන බංකුවේ වාඩි වෙලා පොතක් කියවන එක පුරුද්දක්! ඒත් අද නම් පොක් කියන්වන මානසිකත්වයක් මට නෑ. ඒත් ඒ බංකුව මගේ හිතට සහනය දෙනවා සත්තයි! වෛද්‍ය වෘත්තියේදී මරණය ගැන හිතලා හැඟීම් බර වෙන්න බෑ. ඒත් ඒ ගෑණු ලමයගේ ඉරණම හිතද්දි හරිම සෝචනීයයි.

මම රෝස මලකුත් කඩාගෙන බංකුවෙන් වාඩි වුණා. ඒ රතු රෝස මල දිහා බලන් හිටිය මම මටත් නොදැනීම මගේ අතීතය දුවලා ගියා.

අපේ ගම හරි ලස්සනයි. ඒ කාලේ ඉඳලා මම රෝස මල් වලට හරී ආසයි. ඉතින් මං සමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලේ ඉඳලා අපේ ගෙදර මිදුලේ රෝස මල් වලට නම් අඩුවක් තිබුන් නෑ. දිගට කොණ්ඩ කරලක් ගොතාගෙන හැමදාම උදේට රෝසමලක් කඩලා ඔලුවේ ගහගන්නවා. අපේ ගෙදරට මම වැඩිමල් දුව. මට බාල නංගිලාම දෙන්නෙක්! අප්පච්චි නැතිවුණේ පිළිකාවකින් ගමේ වෛද්‍ය පහසුකම් නැති නිසා එයාට හරි ප්‍රතිකාරයක් කරගන්න බැරි වුණා. අප්පච්චි ආසවුණෙත් මම ඩොක්ට කෙනෙක් වෙනවා දකින්න. අප්පච්චිගෙන් පස්සේ අපේ පවුලේ හැම බරක්ම කරට ගත්තේ අපේ අම්මා.
මමත් උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා කොළඹට ආවේ විශ්ව විද්‍යාලයට තේරිලා. වෛද්‍යවරියක් වන හීනය හැබෑ කර ගන්න.

හරිම ලස්සනට මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ අවුරුදු තුනක් ගෙවිලා ගියා. ගෙදර අපි ගෑණු ළමයිම තුන්දෙනෙක් නිසා මට වැඩිය පිරිමි ළමයි එක්ක ආශ්‍රයක් තිබුණේ නෑ.
මගේ ජීවිතේ මාව පණපිටින් අපායට තල්ලු කරපු ඒ දවස!
අපේ බැච් එකේ හැමෝම බෝඩිමට ගියත් ප්‍රොජෙක්ට් එකක වැඩකට මං නතර වුණා. වෙලාව ගෙවිලා ගියා මට එදා දැනුනෙවත් නෑ. වෙලාව බලපු මම කඩිමුඩියේ බෝඩිමට යන්න පිටත් වෙලා කොරිඩෝව දිගේ ඇවිදගෙන යනකොට එක පාරටම පිටිපස්සෙන් ආව කවුදෝ මගේ ඉණ වටේ එක අතක් යැව්වා. කෑ ගහන්න එක හුස්මක් ඉහළට අඳලා ගන්නකොටම තව අතකින් මගේ කටත් වැහුවා. කවුරුවුණත් ඒ ග්‍රහණයෙන් මිදෙන්න මම උපරිම වෙර ගත්‍තා. පේන මානයකවක් කවුරුත් හිටියේ නෑ.
මගේ අතේ තිබුණ පොත මිටියත් බිම වැටිලා ඒ කෙනාගේ සප්පත්තු වලට පෑගිලා පොඩි වෙලා ගියා.
ඒ පෑගුනේ මගේ අනාගතය.
ඒ මිනිහා එතනම තිබුණ අඳුරු කාමරයක මාව ඇඳගෙන ගිහින් තල්ලු කලා. අඳුරුම අඳුරු කාමරයක්!
මට කිසි දෙයක් පෙනුන් නෑ!
සපත්තු අඩි සද්දයක් ඇහුනා.. අඩි සද්දය නතර වුණත් එක්කම ලයිටරයිකි ඉටිපන්දම් පන්දමක් පත්තු කලා ඒ මිනිහා!

ඒ ඉටිපන්දම් එළියෙන් මං දැක්කේ ගොඳුරකට මාන බලන කොටියෙක්ගේ ඇස් දෙකක්! අඳුරු පීරගෙන මම ඒ ඇස් දෙක ළඟට ගියේ,
'මට එලියට යන්න දෙනවා..'
කියලා කෑ ගහන ගමන්. ඒ දර දඬු අත් වලින් මට වැදුන කම්මුල් පාරට මම එහෙම්ම ඇදගෙන වැටුනා.

මට සිහිය එනකොට මං හිටියේ හොස්පිට්ල් එකේ icu එකේ.. දවස් දෙකක් මං සිහි නැතුව ඉඳලා තියනවා.
මම ඇහැරිලා බලනකොට අපේ අඬලා හෙම්බත් වුණ මගේ අම්ම මං ලග හිටියේ. වීදුරු දොරෙන් එහා මගේ නංගිලා දෙන්නා මාව බලාගෙන හිටියා.

'උඹේ ජීවිතයම විනාස වුණා මගේ පුතේ..' කියලා මගේ දුප්පත් අම්ම විලාප දෙන්න ගන්නකොටම නර්ස් කෙනෙක් දුවගෙන ඇවිත් අම්මා icu එකෙන් එලියට එක්කන් ගිය එක මතක් වෙනකොට අදටත් මගේ පපුව රිදුම් දෙන්නවා.

මම තවමත් කන්‍යාවියක් නෙමෙයි කියන එක මට තේරුම් යනකොට ආයෙමත් මට සිහි නැති වුණා..

සති දෙකක් හොස්පිට්ල් එකේ හිටිය මට මගේ ලොකු වෙනසක් දැනුනා. හොඳටම සනීප වුණාට පස්සෙ මම ඩොක්ට එක්ක එදා කතා කලා. අම්මාගේ ඉල්ලීම නිසා හුඟක් විස්තර මට එයාලා කියලා තිබුන් නෑ.ඒත් මමත් වෛද්‍ය සිසුවියක් නිසා වැඩිදුර හංගන්නේ නැතිව ඩොක්ට හැමදේම මට කිව්වා!

මට බලහත්කාරකම් කරලා තියෙන්නේ පවර්ෆුල් බෙහෙතක් විදල ලු! ඒ බෙහෙත් වල පවර් එක මගේ ශාරීරික තත්ත්වය මේ හැමදේම නිසා මට ආයේ දරුවෙක් හදා ගැනීමේ ශක්තියක් නෑ කියලා ඩොක්ට කිව්වාම මම කෑගහලා අඬන්න ගත්තා. කවුද මේ වගේ අපරාදයක් මට කලේ..?

ආයේ විශ්ව විද්‍යාලයට යනවට අම්මා කැමති වුණේ නෑ.. ගම අතෑරල යන තැනට අම්මා ආවා. ඒත් මම හිටියේ දැඩි තීරණයක මගේ තාත්තගේ සිහිනය බොඳ වෙන්න දෙන්න මට බෑ.!

'අම්මා, අපි ගම අතෑරලා යන්නේ මොකදට? ඇයි ඔයාගේ දුව ගණිකාවක් වෙලා ද? මම වැරැද්දක් කලේ නෑ.. කොන්ද පණ නැති මිනිහෙන් කෙලින් හැපෙන්න බැරිව මාව විනාශ කලාට මට ඒ ගින්නෙන් අළු වෙලා යන්න බෑ අම්මා. මේ ගිනි අළු වලින්ම මං ආයේ නැගිටිලා මගේ ගමන යනවා..'

'ඒත් දෝණී..'

'අම්මා මොකුත් කියන්ම එපා. නංගිලා දෙන්නව පරිස්සමට බලා ගන්න'

දිග හුස්මක් ගත්තු මම ආයෙමත් කොළඹට ගියා.

මාව හැමෝම කොන් කලා.. මට ඒ සිදුවීමෙන් පස්සේ යාළුවො නැති වුණා..
'නැතිවෙන්න දෙයක් නැති එකේ යමුද රූම් එහෙකට?'
සමහර කොල්ලො මගෙන් එහෙම ඇහුවේ අක්කලා නංගිලා නැති උන් වගේ!
ඒත් මගේ ගමන නවත්තන්න තරම් මං දුර්වලට වුණේ නෑ!

ඒ කොරිඩෝවේ, ඒ අඳුරු කාමරය ලඟින් ගිය හැම මොහොතකම මට මතක් වුණේ ඒ නපුරු ඇස් දෙක! ඒ සල්ලලාය මේ ලඟම ඇතියි කියන එක මට දැනුනා! ඒත් පොලිසියට කිසිම හෝඩුවාක් මගෙ ලබා ගන්න බැරි වුණ නිසා මට ඒ වනතුරුත් ඒ පාහරයා කවුරු ද කියලා දැන ගන්න බැරි වෙලයි හිටියේ!

'අභී දුව..!'

ඒ කට හඬින්.. ඒ රූපයෙන් හැමදාමත් මං දැක්කේ මගේ තාත්තව.. සිරිපාල අන්කල්.. ඒ අපේ කැම්පස් එකේ සිකුරුටි!

'අන්කල්' මම සුපුරුදු හිනාවෙන්ම එදා එයා ළඟට ගියා.

'අභී දූ වැදගත් දෙයක් කියන්න ඕනි හවස ගේ පැත්තේ එන්නකෝ..'

'හරි අන්කල්'

සිරිපාල අන්කල් කියන්න යන දේ ගැන හිතාගෙනම මම ලැබ් එක පැත්තට යනකොට මගේ ඉස්සරහ නතර වුණ්වෙ කවිඳු!
සල්ලිකාර පවුල සෙල්ලක්කාර පුතෙක්! කවිඳුගේ ලස්සන වැඩි කලේ එයාගේ වම් කණේ තිබ්බේ ජිප්සියක් වගේ කරාඹුව !! ඒත් ඒක අද නෑ!

'අභී.. කොහොමද?'

'හොඳින් කවිඳු.. කෝ ඔයාගේ අර ලව්ලි ජිජ්සිය?'

'ඔහ්.. ඒක ගලවලා තිබ්බා අභී'

'අහ් හා.. එහෙමද? ඒ ජිප්සිය දාලා තිබ්බ කණ්පෙත්තේ හිලත් වැහිලද මන්දා..' මම හිනා වුණා.

ඒත් ඒ විහිලුව කවිඳුට එච්චර ඇල්ලුවේ නැති බවක් මට දැනුනා.

'කොල්ලො මොකුත් ගේම ඉල්ලනව නම් මේ කවිඳුට කියන්නෝනි! හරි නේ? එහෙනම් බායි'

කවිඳු යන්න ගියා.

ජිපිසිය ගැලෙව්වනම් කණ්පෙත්තෙ හිලට මොකො වුණේ.. කියන දේ ආයේ ආයෙමත් හිතුන එක මට මහා විකාරයක් වගේ දැනුනා.

****************

'සිරිපාල අන්කල්'

'අභී දුව.. එන්න ගෙට..'

'අන්කල් මොකුත් වැදගත් දෙයක් ද ගෙදරටම එන්න කිව්වේ මට..?'

'හ්ම්ම්ම්.. ඔව් දූ.. දුවට මේ අපරාධය කලේ කවුද කියලා මොකුත් හෝඩුවාවක් නැති ද තවම?'

'නෑ අන්කල්. තාම නෑ. හැමදේම ඉවර වුණා කියලා මට මෙහෙම ඉන්න බෑ. මම ඩොක්ට කෙනෙක් වෙන එක අපේ තාත්තගේ හීනයක්. ඒත් ඒකා අහුවුණොත් දෙන්න ඕන උපරිම දඬුවම දෙනවා මං'
මගේ ඇස් වලින් කඳුලු පනින කොට මම දත් මිටි කෑවා.

සිරිපාල අන්කල් මොකුත් නොකිය ගෙට ගියා. එයා ආපහු ආවේ අතේ මොනා දෝ මිට මොලවගෙන. වචනයක්වත් කතා නොකර සිරිපාල අන්කල් මගෙ අතක් අරගෙන මගේ අල්ල උඩ එයා අතින් මිට මොලවන් හිටිය මොනාදෝ දෙයක් තිබ්බා!

'කවිඳුගේ ජිප්සිය?? ඒත් මේක ගලවලා තිබ්බ කිව්වනේ..!'
ඒ ජිප්සියේ තිබුන චූටිම චූටි K හැඩයේ ටවල් එකි ඒක කවිඳුගේ කියලා මට තහවුරු වුණා.

'නෑ දුව. එදා උදේ දුවව මුලින්ම දැක්කේ මම. දුවව ඇම්බියුලන් එකට දාන හදනකොටම දුවගේ අතේ මිට මොලවගෙන හිටිය කරාබුව බිම වැටුනා. ඒත් එක්කම එතනට ආවා කවිඳුගේ වම් කණේ තිබුණ ප්ලාස්ටරයත් මං දැක්කා. '

'එතකොට අන්කල් කවිඳු ද මේ දේ මට කලේ?'

එ මොහොතේ මගේ හිතේ දුක බය වේදනාව දැනුන් නෑ.. එත් කවිඳුගේ සල්ලි බලයත් එක්ක මම දැන් හැප්පෙන්න ගියොත් මගේ මේ ඉගෙනීම කඩාකප්පල් වන බව මං හොඳටම දැනන් හිටියා.

'සිරිපාල අන්කල්.. ඔයා මගේ තාත්තා වගේ. ඔයා මේ කලේ ලොකු උපකාරයක්! මේ රහස මෙහෙම්ම රකින්න! තව ටික දවසකට. මගේ ඉගෙනීම ඉවර වෙනකල්! කවිඳුට දෙන්න ඕන දඬුවම මං දන්නවා.'

එදා ඔහු එයට එකඟ වුණා.. කාලය ගෙවිලා ගියා හුඟාක් හැල හැප්පීම් එක්ක මගේ ඉගෙනීම අවසන් කරපු මම මගේ හීනය හැබෑ කර ගත්තා. මම වෛද්‍යවරියක් වුණා..
Dr. අභී MBBS

හීනයට හැබෑ කර ගත්තු මගේ ඊළඟ ඉලක්කය වුණේ කවිඳු .!!

මම පැමිණිල්ලක් දාන්න පොලිසියට ගිය මට හම්බවුණේ සංජය! කවිඳුව කොට ගන්න හැම සාක්ෂියක්ම අපි සූදානම් කරගත්තා. පොලිසියත් එක්ක අපි කවිඳු ගේ ගෙදරට ගියා.

'අභී....!!!!! වෙල්කම් ටු මා හෝම් ස්වීට් හෝම්ම්ම්ම්ම්!! '
කියලා හිනා මුසු මුහුණින් ඉදිරියට ආපු කවිඳුගේ මූණ බලා ඉද්දිම වෙනස් වුණේ මා එක්ක ගිය පොලිස් කණ්ඩායම දැකලායි.

'අසික්කිත වැඩක් කරලා මගේ ජීවිතේ විනාශ කරලා තමුසේ හැමදාම නිදැල්ලේ ඉන්නද හිතුවේ මෝඩයෝ?'

කියලා අහන ගමන් කවිඳුට මං ගහපු කම්මුල් පාරට කවිඳුගේ මූණ රතුවෙලා ගියා. යක්ෂාවේශ වුණ කෙ එක් වගේ මම කවිඳුට එක හුස්මට ගහගෙන ගහගෙන ගියා.. සංජයත් තව පොලිසියේ කීප දෙනෙකුත් එකතු වෙලයි කවිඳුව මගෙන් ගලව ගත්තේ!

එදා ඒ මොහොතේ මම මොන තරම් ආවේගයෙන් හිටියද කිව්වොත් මං හුස්ම ගත්තේ දෙගුණයක් වේගයෙන්! ඇහෙන් එක කඳුලු බිඳක් ආවේ නෑ..

කවිඳු කතා කරන්න කිසිදෙයක් ඉතිරි වෙලා තිබුන් නෑ.. අතට මාංචු දාලා ජිප් එකට නග්ගන්න එක්කන් ගියා.
එතකොටයි මතක් මතවුණේ මට විකාරයක් කියල හිතුන ඒ ප්‍රශ්ණය මම කවිඳු ළඟට දුවලා ගහින් කවිඳු ගේ ඇස් දිහා එක එල්ලේ බැලුවා .. ඒත් කවිඳුට මාව බලන්න පුළුවන් කමක් තිබුන් නෑ.. මම කවිඳුගේ වම් කන් පෙත්ත දිහා හොඳට බැලුවා. එතකොටයි මට තේරුනේ එදා අර අඳුරු කාමරේදී කවිඳු එක්ක මං පොරො බඳිනකොට කවිඳු කනේ තිබුන කරාඹුව මම ඇඳලාගත්තු එක! ඉරුණ කන්පෙත්තට මැහුම් දාලා! ඒක තව ෆවුන්දේශන් එහෙකින් වහගෙන!! කපටිකම!

මම කවිඳුව දකිනකොට දැනුනෝ මහා අප්පිරියාවක්!

කවිඳුව උසාවියෙන් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කලා.
මගේ අම්ම එදා අඬපු තරම්! මං වගේ අභීලා කීදෙනෙක් නම් මේ ඉරණමට මූණ දෙන්න ඇද්ද!

'එක්ස්ක්‍යුස්මී... ඩොක්ට අභී... ටිකක් කතා කරන්න පුළුවන් ද?'

එදා සංජය මට කතා කලෙත් මං මේ බංකුවේ වාඩි වෙලා ඉන්නැද්දිමයි!

'ඔහ් ඉන්ස්පෙක්ටර් සංජය..කියන්න'

'ඩොක්ට අභී.. මගේ සර්විඅ එකේ ඔයා වගේ හුඟක් ගෑණු ළමයි දැක්කා නමුත් ඔයා හරිම වෙනස්.. හැට්ස් ඕෆ් යූ..'

'තැන්ක් යූ'

'ලයිෆ් එකම ඉවරයි කියලා හිතෙන තැනක ඉඳන් ඔයා ලයිෆ් එක පටන් ගත්තා අයි ලව් ඉට්..'

සංජය එදා එහෙම කියන කොට මගේ හිතට අමුතු හැඟීමක් දැනුනා.. සංජයගේ ඇස් දිහා බලලා කතා කරපු ඒ මොහොතේ ඒ ඇස් දිහා බලන්න බැරි වුණා.

'ඔයා වගේ කෙල්ලෙක් තමයි මට ගැලපෙන්නේ. මම කැමති අභීගේ නමටයි MBBS එකටයි අතරට මගේ වාසගම එනව නම්'

එක පාරට මගේ තොල වේලිලා ගියා.. කවුද දෙයියනේ මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ ඒ වෙලේ..

රෝස් පාත්තියෙන් රතු රෝස මලක් කඩලා අතට ගත්තු සංජය එක දණහිසක් නවලා මට ඒ රෝස මල දික් කලා..

'විල් යූ මැරි මී?' ❤

මගේ ඇස් වලින් උණු කඳුළු වැටුනා..

කොහෙන්දෝ ආපු සීතල සුලං රැල්ල මට කිව්වේම අලුතින් හුස්මග් ගන්න කියලා.. මම ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න හිතා ගත්තා..

ඒත්....
දරුවෙක්????

මට ඒ භාග්‍ය නැහැනේ .!

'ඒත් මට අම්මා කෙනෙක් වෙන්න බෑ..'

'හැමදේම දැනගෙනයි මේ යෝජනාව කරන්නේ.. ප්ලීස් කැමති ද අකමැති ද කියලා විතරක් කියන්න. දණහිසේ ගල් ඇනෙනවා අතේ මේ රෝස කටු ඇනෙනවා..'

මම දෑතින් කට වහලා හිනා වුණා.. හිත නිදහස්ව හිනා වෙන්න පටන් ගත්තේ එදා.. සංජයගේ යෝජනාවට කැමති වුණ අපි නතර වුණේ අපෙ විවාහයෙන්!

ආදිත්‍යා.. මගේ දුව!

මගේ කුසින් නොඉපදුනාට ඒ තමයි මගෙයි සංජයගෙයි පණ..

මීට අවුරුදු කීපයකට කලින් පාපතරයෙක් අවුරුදු 17 ක ලමයෙකුට බලහත්කාර කමක් කරලා! ඒ ළමයාගේ කුසේ පිළිසිඳගත් දරුවා තමයි ආදිත්‍යා!
ආදිත්‍යා බිහිකරලා ඒ පොඩි කෙල්ල අවසක් හුස්ම ගත්තා. එදා අපි තීරණය කලා ඒ ඉපදුන චූටි රෝස මල තමයි අපේ ගෙදර සුරංගනාවි කියලා.

මගේ ජීවිතයට කවිඳු ගෙනාපු අඳුරු වලාකුළ පාට කලේ සංජයයි මගේ දූ ආදිත්‍යයි එකතු වෙලා..

ඒ අතීතය හිතන කොටත් ඇඟ සීතල වෙලා යනවා. මගේ තාත්තා මං දිහා කොහේ හරි ඉඳන් බලා ඉන්නවා ඇති! අද මගේ නංගිලාවත් මං හොඪ්ජට උගනවා. මං පැරදුනේ නෑ ඒත් මං වගේ මේ ඉරණමට මූණ දුන්නු ජීවිත කීයක් නම් මැලවිලා යන්න ඇද්ද!

'අභී..'

ඒ හඬට මම ආයිමත් පියවි සිහියට ආවා.. මගේ ඇස් අඟ රැඳුන කඳුළු සතුටු කදුළු..

'අඬනවද?'

'නෑ සංජය.. නැතිවුණ ගෑණුලමය ගැන හිතලා මෙතනින් වාඩිවුණේ ඒත්..'

'ඒත් පරණ දේවල් මතක් වුණා.. එහෙම නේ?'

'හ්ම්ම්ම් ඔව්'

'හරි කල්පන කලා හොඳටම ඇති! අද ආදිත්‍යාගේ ස්කූල් එකේ කොන්සර්ට් එක.. කෙල්ල අපි එනකල් බලා ඉන්නේ.. අමතක ද?'

'ඔව්මයි' කල්පනා සයූරේ හිටිය මට ඒක අමතක වෙලා.. අපි දෙන්න ඉක්මණට ආදිත්‍යාගේ ස්කෝලයට පිටත් වුණා..
මායි සංජයයි ගිහින් වාඩි වෙනකොටම,

'මීළඟට අනාගතයේ කවුරු වෙන්නද ආස කියලා අපි අහමු ආදිත්‍යාගෙන්..!!'

කියලා නිවේදිකාව කිව්වා. මම සංජයගේ අත තදින් අල්ල ගත්තා.. වේදිකාවේ මුල්ම වතාවට ආදිත්‍යා කතා කරන්නේ! ඒත්.... දවස් දෙකක් මගේ ඔළුවේ දිව්ව කල්පනාව නිසා ආදිත්‍යාගේ අද වැඩසටහන ගැන මට හොයලා බලන්න බැරි වුණා. මගේ හිත ගෙන්න ගත්තා..

'ඉතින් ආදිත්‍යා කියන්නකෝ කවුරු වෙන්නද ආස?'

'ලෝයර් කෙනෙක් වෙන්නයි ආස'

'ලෝයර් කෙනෙක්? අපි හිතුවේ අම්මි වගේ ඩොක්ට් කෙනෙක් වෙයි කියලා නේ.. නැති නම් තාත්ති වගේ පොලිසියට බැඳේවි කියලානේ.. ඇයි ලෝයර් කෙනෙක්?

'ඉතින්, ඩොක්ට කෙනෙක් පොලීසියේ කෙනෙක් අපේ ගෙදර ඉන්නකොට මම ලෝයර් කෙනෙක් වුණොත් තමයි හරි. කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් වෙන මගේ අම්මිටයි තාත්තිටයි උදව් කරන්න පුළුවන එතෝට නී..'

ආදිත්‍යා හරිම හුරතල් විදියට එහෙම කිව්වාම මට හරිම ආඩම්බරයක් දැනුනා.. ආදිත්‍යා අපේ රටේ කාන්තාවන්ට ලොකූ අභිමානයක් වේවි! මොකද එයා වැඩෙන්නේ මගෙයි සංජයගෙයි හෙවනැල්ලේ!

ඒත් එක්කම මට කෝල් එකක් ආවා..

'හෙලෝ පුබුදු මිස් කියන්න'

'ඩොක්ට අභී ඩිලිවිරි එකක්! පුතෙක් හම්බුනා! අන්මැරීඩ් අම්මා කෙනෙක්.. බ්ලීඩින්ග් එක වැඩි වෙලා මේ දැන් එයා නැතිවුණේ..'

'අනේ.. අපි මේ දැන්ම එනවා මිස්'

පොන් එක කට් කරලා මං සංජයගේ එක අතක් බදාගෙන උරහිසට ඔළුව තියාගෙන මෙහෙම කිව්වා..

'අපිට අම්මා තාත්තා කියන්න පුතෙකුත් එන්නයි යන්නේ සංජය..'

සහෘදයානන්ගේ කූජිත සමරුපොතයි මමයි පිනයි



හා හා පුරා කියලා අයනු ආයනු කියන්න පොත් මල්ලත් උස්සන් ස්කෝලේ ගියේ මගේ ලොකු අයියත් එක්කලා.. රෝද දෙකේ බයිසිකලේ තමයි ඉතින් ඒ කාලේ අපේ ප්‍රාඩෝ එක..
හැමදාම උදේට මාව ස්කෝලේ එක්කන් යන්න අපේ අයියා මාරම උනන්දුයි!
හේතුව එදා නොතේරුනාට දැන් දැන් නේ සීන් එක තේරෙන්නේ මට! අනේ අම්මපා මෙහෙමත් අයියලා!?

ගේට්ටුව ළඟටම ගිහින් ඇරලා මාව නොපෙනී යනකල් අයියා ගේට් එක ළඟට වෙලා බලා හිටියා මං හිතුවේ මම එක වසරේ චුට්ටන් බට්ටිච්චියක් නිසා මට ආදරේට කියලා.. හනේ හපොයි නෑ, මට පස්සේ කාලේ යමක් කමක් තේරෙන කොටයි සීන් එක තේරුනේ ඒ මට ආදරේට නෙමෙයි දහය වසරේ ශිෂ්‍යා නායිකා අක්කියෙක් ට ආදරේ හිතිලා කියලා. ඉතින් මං හිනා වෙන්න ද? 😂😂 අඬන්න ද? 😭😭
😜😜😜

ඔන්න ඉතින් අපේ අයියගේ වන් සයිඩ් ලව් එකට ක්ලයිමෑක්ස් එකට දවස උදා වුණා.. ගේට් එක ළඟදි අර අක්කියට පේන්න අපේ අයියා දුන්නා ඒ කාලේ ආදරේ අත් පොත 'සමරු පොත' අර අක්කිට දෙන්න කියලා. 'අයියා දුන්නා' කියලා කියලම දෙන්න කිව්වා. ඔන්න මං මේක දික් කරගෙන යද්දි ඒ අක්කි පත්තියටම ගියා.. මං අතාරිද?? නෑනේ නෑනේ.. පස්සෙන්ම ගියා 😂😂 'අක්කි මේක අපේ අයියා ඔයාට දෙන්න කිව්වා' කියලා දිලා මං ගියා පන්තියට!

වැඩේ ගොඩ එක වසරේ දි ඔන්න බ්‍රෝකර් වැඩ 😉!!
ඔන්න ඒ පාර දැන් ඔයාලා කල්පනා කරනවා අයියා ලව් කොරන්න තරම් ලොකු වයසක් ද කියලා නේ? ඔව් ඔව්.. අපේ වයස් පරතරේ අවුරුදු බර ගාණක්.. ඒත් කරන්න ඕනන් කුප්පැහි වැඩ ඔක්කොම මං අයියත් එක්ක කූට ව්‍යාපරයක් විදියටක කරගෙන ගියා.. ඒක වෙනම කතාවක් 😂

ඔන්න දැන් එකේ සෙට් එක පන්තියෙන් එලියට එක්කන් ගිහින් ටීච කිව්වා ඇස් වහන් පරිසරයෙන් ඇහෙන සද්ද වලට සවන් දෙන්න කියලා.. මාත් ඇස් වැහුවා.. ඔන්න වාහන යනවා ඇහෙනවා, කපුටෙක් කෑගහනවා තව පන්තියක ටීච කෙනෙකුත් කෑ ගහනවා තව මට ඇහුනා සුමිහිරි ඉකිබිඳුම් හඬක්.. 'මිස්, අර නංගිට ඉහි ඉහි.. ලොකු සර්.. එ..එන්න කි..කිව්වා'

අනේ අහිංසක මං මොනා දන්නවාට ද?
ලොකු සර් මාව පිළිගත්තේ ලොකූ.... වේවැලකුත් අතේ තියාන.. අම්මේ මතක් වෙනකොට මේ දැන් ඇස් වලට කදුළු උනනවා.. අපේ අයියට හාල් ගරන්න හිතෙන්නේ එතෝටනේ.. 😭
'සමරු පොත කාගෙද?'
'අපේ අයියගේ'
'අයියා කෝ?'
'ගෙදර'
'පොත ඕනි ද?'
'ඔව්'
'එහෙනම් අයියාට ඇවිත් ඉල්ලන් යන්න කියන්න'
😭😭😭😭

අපේ අයියා එයිද පෙන්ස් ඕක ගෙනියන්න.. තාම ගියේ නෑ ඉතින්!!!

මේකේ හයිලයිට් සීන් එක මං දැන ගත්තෙත් පස්සේ.. මම අර සමරු පොත ගිහින් දීලා තියෙන්නේ අර අක්කිගේ පන්ති භාර මිස් පන්තියේ ඉන්නැද්දිමලු 😂😂
'අපේ අයියා මේක ඔයාට දෙන්න කිව්වා' කියලා උජාරුවට පන්තියේ මිස් ඉස්සරහා දීලා ඇවිත්!
මිස් ඒ අක්කිව දක්කලා ලොකු සර් ලඟට.. ඒ අක්කි මාව දැක්කුවා.. ඒත් අද වෙනකල් මට බැරි වුණා අපේ අයියාව දක්ක ගන්න.

ඉතින් ඔන්න ඔහොමයි අපේ අයියා නඟෝ නාඩගම් පටන් ගත්තේ