Wednesday, July 25, 2018

මංගල කිංකිණියේ ෆෝන් නම්බරේ

ඔන්න ඉතින් දැන් කමෙන්ට් දැක්කත් කූජිත සීන් එහෙම මතක් වෙනවා ටකස් ගාලා..
මට ඉන්නවා මලයෙක්! පුංචම්මගේ පුතා.. ඌත් හොඳ අන්ඩපාල ඇම්ඩෙක් හොඳේ..😂

ඔන්න ඉතින් හා හා පුරා කියලා මුගේ වදේ ඉවසන්න බැරිව අවුරුදු 14 , 15 වෙනකොටම මූට හම්බුනා ෆෝන් එකක්.. වසලා හමාරයි අම්මේ ලොකු කම! ඕකට රින්ග්ස් ගිහින් කෝල් එකක් ආවාම මූ ඉන්නේ අඩි දෙක තුනක් උඩ..

දෙයියෝ දෙනවා කියන්නේ ඕන ඕකටයි කියලා මේකාට වුණා හොඳ වැඩක්..
එලිවුණත් හරි ආවා කෝල් එකායී... දෙකායී.... තුනායී.. දවල් වෙනකොට විස්සායී.. හවස් වෙනකොට තිහායී... ඇම්ම යනකල් ආන්සර් දැන් කරපි! 😂😂
ඇස් වලින් කදුළු බේරන්න ඕන මෙන්න..
ගෙදර අම්මලා පුතාලා මුලු මුලු වල.. රින්ග් වෙන ෆෝන් එක ආන්සර් කරන්න එකෙක් නෑ.. ෆෝන් එක මේසේ තියලා කට්ටියම ඒ දිහා බලා ඉන්නවා.. ඔන්න අඬන ෆෝන් එක බලා ඉන්න බැරි තැන මං ආන්සර් කලා..

😂😂😂😂😂
'අපේ දුවට නම් වයස මෙච්චරයි.. දේපොල ඒමත් ඒම මේම තියෙනෝ.. සුළු වරදක් වත් තාම වෙලා නෑ.. මනමාල මහත්තය කෝමද?'

'හෑ... මොන මනමාලයෙක් ද!'

'ඇයි මංගල කිංකිණියේ තිබ්බේ මේ නම්බරේ නේ..'

ජයග්‍රාහී අවසාන එක නම්බරයක් වැරදිලා ප්‍රින්ට් එකේ දී.. 😂😂

අන්තිමට ආව කෝල් එක ආන්සර් කරලා මලයා  කිව්වේ..
'මට ඕන මඟුලක් නෑ.. මම තාම ළමයෙක්! පොඩි ළමයෙක්!' අන්න එදා තමයි ඌට මතක් වුණේ ඌ තාම පොඩි ළමයෙක් කියලා 😂😂😂

හැබැයි එදා ආව කොල් වලින් එකක් හරි ඉවසීමෙන් කතා කලා නම් අද මේකා දරු පවුල් කාරයෙක්..😂😂😂
-සෆා- ඔව් ඔව්.. මගෝඩි සෆා..

6 comments:

  1. Welcome to blogging! Was directed here through Atampahiya. Keep it up and all the very best!!

    ReplyDelete
  2. මගෝඩි සෆා දැන් බ්ලොග් වල.
    සතුටුයි, දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  3. මගොඩි සෆා කිව්වම තමා කෙනාව මීටර් උනෙ, එල එල දිගටම ලියන්න

    ReplyDelete